වෘත්තීය පුහුණු අධිකාරියෙන්
රැකියාවක්‌ සොයාගන්න අවස්‌ථාවක්‌

 

සෑම අයකුම අධ්‍යාපනය ලැබීම අත්‍යවශ්‍ය ය. එය විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනයක්‌ විය හැකියි.

පාසල් ගොස්‌ ලබා ගන්නා වූ විධිමත් අධ්‍යාපන රටාවෙන් සියලුම දෙනාට එතරවීම අපහසු ය. සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස්‌ පෙළ විභාගයෙන් ඇතැම් අයකුගේ අධ්‍යාපන කටයුතුවලට තිත තැබීමක්‌ සිදුවිය හැකියි. එහෙත් එසේ වූවායයි ජීවිතයෙන් පලා යා නොහැකිය. එසේ පලා ගිය අයකුද නැත.

ඇතැම්විට විධිමත් උසස්‌ අධ්‍යාපනයක්‌ ලබා ජීවිතය සාර්ථක කරගන්නා අයකුට වඩා නොවිධිමත් අධ්‍යාපනය හරහා ඉගෙන ගන්නා වූ දෙයින් අති සාර්ථක වූ පුද්ගලයන් සමාජයේ ඕන තරම් ඉන්නවා.

විශේෂයෙන්ම නිර්මාණශීලි චින්තනයක්‌ ඇති පුද්ගලයින්ට සිය ජීවිතය සාර්ථක කරගැනීමට ඕනෑ තරම් මංපෙත් දැන් විවෘතව තිබෙනවා.

පහත දැක්‌වෙන කුමන හෝ පාඨමාලාවක්‌ ඔබගේ රුචිකත්වය අනුව ගැහැනු පිරිමි භේදයකින් තොරව තෝරගත හැකියි.

ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය මගින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලා හැදෑරීමට යොමු වීමේදී පහත සඳහන් ප්‍රතිලාභද ඒ කාල සීමාවේදී ඔබට ලබාගත හැකියි.

නිපුණතා පාදක පුහුණුව

විශේෂ වූ පාඨමාලා කිහිපයක්‌ සඳහා මාසික දීමනා

සහනදායි මුදලකට ලංගම වාර ප්‍රවේශපත්‍ර

වෘත්තිය උපදේශන සේවාව

වෘත්තිය ඉංගී්‍රසි දැනුම

ව්‍යවසායක දැනුම

ශිල්පීය ප්‍රවර්ධන දැනුම

ඉහත පහසුකම් ලබමින් ඔබට මෙම පාඨමාලා හැදෑරිය හැකිය.

උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල එනතුරු හෝ ඉන් එහාට කාර්මික අධ්‍යාපනයක්‌ ලබා ඉදිරියට යාමට ඔබට ඒ තුළින් අවස්‌ථාව උදාකර ගත හැකිය.

ඒ අනුව ඔබ සතුව ඇති අධ්‍යාපන සුදුසුකම් අනුව පාඨමාලා තෝරාගත හැකිය.

අප පහත දක්‌වා ඇත්තේ සා පෙළ සමත්ව උසස්‌ පෙළ ලියා සිටින ඔබට සුදුසු යෑයි හැගෙන පාඨමාලා පිළිබඳ තොරතුරු යි.

ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පෙදරේරු ශිල්පි අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් අ.පො.ස සා(පෙළ පෙනී සිටීම) පුහුණුව මාස 12 කි.

සැළසුම් ශිල්පි තාක්‌ෂණ ඩිප්ලෝමාව. කාලය වසර එකකි. අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් උසස්‌ පෙළ විෂයන් තුනකින් සමත්වීම

ස්‌වයං චලන (මෝටර් යාන්ත්‍රික) මෝටර් කාර්මික පුහුණු කාලය මාස 18 කි. අපොස සා පෙළ විෂයන් 6 ක්‌ සමත් වී සිටිය යුතුය. මෝටර් රථ විදුලි කාර්මික පුහුණු කාලය වසර එකකි. අධ්‍යාපන සුදුසුකම්- සා.පෙළ විභාගයෙන් විෂයන් 06 ක්‌ සමත්විය යුතුය.

මෝටර් රථ වායු සමීකරණ ශිල්පි - පුහුණු කාලය මාස 12 කි. අධ්‍යාපන සුදුසුකම්- සා.පෙළ විභාගයෙන් වැඩ හයක්‌ සමත් වී සිටීය යුතුය.

විදුලි

විදුලි ශිල්පි - පුහුණු කාලය මාස දොළහකි. අධ්‍යාපන සුදුසුකම් අපොස සා.පෙළ විභාගයෙන් විෂයන් හයකින් සමත්විය යුතුය.

විද්යුත් විදුලි සංදේශණය

ගුවන් විදුලි, රූපවාහිනි සහ ආශ්‍රිත උපකරණ (කාර්මික) අධ්‍යාපන සුදුසුකම් අ.පො.ස

සා පෙළ විද්‍යාව ගණිතය ඇතුළු විෂයන් හයකින් සමත්වීම පුහුණු කාලය මාස හයකි.

තොරතුරු තාක්‌ෂණය

පරිගණක යෙදුම් සහායක අධ්‍යාපන සුදුසුකම්- ඉංගී්‍රසි ගණිතය ඇතුළු සා.පෙළ විභාගයෙන් වැඩ හයක්‌ සමත්වීම පුහුණු කාලය මාස හයකි.

පරිගණක දෘඩාංග ශිල්පි - අධ්‍යාපන සුදුසුකම්- සා.පෙළ විභාගයෙන් වැඩ හයකින් සමත්වීම, පුහුණු කාලය මාස 06 කි.

තොරතුරු තාක්‌ෂණ සහතික පත්‍ර පාඨමාලාව පුහුණු කාලය මාස හයකි. අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්-සා.පෙළ ඉංගි්‍රසි ගණිතය විද්‍යාව සම්මාන සහිතව වැඩ හයකින් සමත්වීම.

තොරතුරු තාක්‌ෂණ ඩිප්ලෝමා පාඨමාලාව පුහුණු කාලය වසරකි. අධ්‍යාපන සුදුසුකම් ඉංගී්‍රසි, ගණිතය, සම්මාන සහිතව විෂයන් හයකින් සමත්වීම

පරිගණක අකුරු සැළසුම් ශිල්පී පුහුණු කාලය මාස හයකි. අධ්‍යාපන සුදුසුකම් සා.පෙළ විෂයන් හයකින් සමත්වීම

මේ ආදි ලෙස ඔබට පාඨමාලා රැසක්‌ හැදෑරිය හැකිය. මෙම පුහුණු පාඨමාලා අවසානයේ ඔබට රජයේ පිළිගත් ජාතික වෘත්තිය සුදුසුකම් සහතිකය, දීමනාවක්‌ සමග වැඩිදුර පුහුණුව ඉහළ වැටුප් සමග දේශිය හෝ විදේශිය රැකියාවක්‌. වෘත්තිය අධ්‍යාපනය තුළින් කාර්මික ක්‍ෂේත්‍රයේ උපාධියක්‌ ආදි විවිධ පහසුකම් ලද හැකිය.

ඔබට වඩාත් ගැලපෙන වෘත්තිය පුහුණුව ලබාගෙන වෘත්තිකයෙකු වී ජීවිතය ජයගන්න ඒ සඳහා එක්‌වීමට කැමති නම් පහත ලිපිනයෙන් විමසන්න.

අධ්‍යක්‌ෂ
වෘත්තීය මාර්ගෝපදේශන
රැකියා ස්‌ථාපන හා විශේෂ වැඩසටහන් අංශය
අංක(354/2, නිපුණතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.


Ministry of Vocational & Technical Training

More details...

 

Source: