|

ඔබේ නිවස
1) නිවසක දොර ජනෙල් දෙකෙහි
එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වීම ශුභ පල ගෙන දෙයි. දොර උළුවහු
ගණන ඔත්තේ සංඛ්‍යාවක් වීමත් ජනෙල් සංඛ්‍යාව ඉරට්ටේ
සංඛ්‍යාවක් වීමත් ශුභ පල ගෙන දෙයි. එහෙත් ඒ දෙකෙහි එකතුව
17 වීම අශුභ වේ.
2) නිවසක ඉදිරිපස බිත්තියේ හරි
මැදින් පධාන දොර තිබීමත්, මුදුන් බිත්තියක නිවසට ඇතුල්වීමට
පිවිසුමක් තිබීමත් අශුභය.
3) නිවසේ ඉදිරිපසදොරටුවට
ඉදිරියෙන්ම බිත්ති උසින් දෙගුණයකට වඩා ළංව ලිදක් පිහිටා
තිබීම අශුභය.
 
4) ඔබ අළුත් නිවසකට පදිංචියට
යනවිට එම සිවස හොදින් පිරිසිදුකර දෙහි ලෙලි කිහිපයක් වතුර
පිරවූ භාජනයකට දමා එම ජලය නිවසේ සෑම තැනම ඉසින්න.
5) නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ
දකුණු දිශාවේ ගින්දර මූල ධාතුව තැබීමෙන් පසිද්ධිය හා
පිළිගැනීම වැඩිවේ. බුදු පහන හෝ දෙවියන්ට තබන පහන දකුණු
දිශාවේ තබන්න. එසේ නැතිනම් රතු පාට විදුලි බුබුලක්
දල්වන්න. ඔබ තබන්‍නේ මැටි පහණක් නම් රතු ආලේප කර එය
රතු පාට පහණක් කරගන්න.
 
6) ධන වාසනාව වැඩි කිරීමේ ගුප්ත
බලයක් ජලයට හා ජලයේ ශබ්දයට තිබේ. නිවසේ උතුරේ හෝ ගිණිකොන
පෙදෙසේ වතුර මලක් තැබීමෙන් නිවසේ ධන වාසනාව වැඩිවේ.
වතුර මලේ ජලය පිටතට ගලා නොයා යුතු අතර එහිම රැදී
තිබිය යුතුය.
7) නිවසේ මැද කොටස ජලයට
සම්බන්ධකොට නොගත යුතුය. මෙහි පොකුණක්, මාළු ටැංකියක්,
වතුර මලක් තිබීම ඉතාම අහිතකරය.
8) ඔබේ නිදන කාමරය තුල පූජාසන
හා දේව රෑප නොතබන්න.
9) වයඹ දිශාවේ දේවරෑප තැබීමෙන්
දෙවියන්‍ගේ ආශිර්වාදය වැඩිපුර ලැබේ. එහෙත් වයඹට ගින්දර
අහිතකර බැවින් පහන් පත්තු කිරීම හැකිතරම් අඩුකල යුතුය.
10) නිවසේ ගිනිකොණ දිශාවේ පැල සහ
ගස් වැඩිනම් එම නිවෙස් වලට ධනය පහසුවෙන් ලැබේ. ගිනිකොන
දිශාවේ ලෝහ තිබීම ඉතා අශුභය.
 
Click Here Download Free Book
|



 |